kodiyal oruwan
Kodiyil Oruvan(කෝඩියිල් ඔරුවන්) යනු 2021 දී නිකුත් වූ ඉන්දියානු තමිල් භාෂා චිත්‍රපටයකි. අනන්ද ක්‍රිෂ්ණන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයෙහි විජය ඇන්ටනි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. මෙම චිත්‍රපටය දේශපාලන ක්‍රියාදාමයකි.
කතාව ගැන කිවුවොත් :
කොම්බායි නගරයේ දේශපාලන වංචාකාරයෙකු වන සුකුමාර්, අරුල්මෝසි නම් යුවතියක් පන්චායත් නායකත්වයට පත්කරයි. ඇයගේ අවංකත්වය නිසා සුකුමාර් ඇයට විරුද්ධවී, ඇය සහ ඇගේ සැමියා මරා දැමීමට උත්සාහ කරයි. අරුල්මෝසි බරපතළ තුවාල ලබා, පුත්‍රයෙකුට උපත දෙයි.
වසර කිහිපයකට පසු, ඇගේ පුත්‍රයා වන විජයරාඝවන්, චෙන්නායි නගරයේ ජීවත්වන ගුරුවරයෙකි. ඔහු IAS විභාගය සඳහා උසස් අධ්‍යාපනය ලබන අතර, දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කැපවී ඇත. ඔහු දේශපාලන වංචාකාරයන්ට එරෙහිව සටන් කරයි. අවසන් වශයෙන්, ඔහු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වෙයි.
විශේෂාංග:
- අධ්‍යක්ෂණය : අනන්ද ක්‍රිෂ්ණන්
- ප්‍රධාන නළුවා : විජය ඇන්ටනි
- සංගීතය : නිවාස් කේ. ප්‍රසන්න
- නිකුත් වීමේ දිනය : 2021 සැප්තැම්බර් 17
- භාෂා : තමිල් (කන්නඩ, තෙළිඟු, හින්දි, සහ මලයාලම් භාෂාවන්ට පරිවර්තනය වී ඇත)
